කොවිඩ් රෝගීන් 900ට ලංවෙයි | අදත් 23කට සුවය

by admindasun
0 comment 74 views

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව අද රාත්‍රි 11.30 පමණ වන විට 889ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

අද දිනයේදී නව රෝගීන් 20ක් පමණ හමුවූ අතර ඉන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වූ අතර ඉතිරි අය කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බව අද සවස් වන විට තිබූ දත්තවලට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිිංහ පැවසුවේය.

එසේම අද දිනයේදීද සම්පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 23ක් පමණ වූ අතර ඒ අනුව මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 366ක් පමණ වන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 514ක් පමණ වන බවත් එම ඒකකය කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment