‘හොර’ බිල් දෙන්න විදුලි සේවකයන් බෑ කියයි

by admindasun
0 comment 165 views

දැනට විදුලි බිල් නිකුත් නොකර මාස 02ක් පමණ ඉක්ම ගොස් ඇතත් විදුලි බල අමාත්‍යවරයා පවසන පරිදි එක් මසක අගය පමණක් යොදා පළමුව විදුලි බිල් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට මනු කියවන්නන්ට මින් ඉදිරියට සිදු වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

මැයි 11 වනදා පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට විදුලි බිල ලබා දීමට ගිය විට නිවසේ සිටි අය එම විදුලි බිල වැරදි බවත් ඊට වඩා වැඩි විදුලි බිලක් එම නිවසට ලැබිය යුතු බවත් පවසා විදුලි සේවකයාට පහර දුන් අතර එසේ සිදු වූයේ අමාත්‍යංශයේ තීරණය හේතුවෙන් එක් මසක අගය පමණක් යොදා විදුලි බිල නිකුත් කළ නිසා බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසුවේය.

කොවිඩ් – 19 වසංගතය හමුවේ ජනතාවට සහන සැලසීමක් ලෙස එක් මසක විදුලි බිල අය කෙරෙන බවට රජය පැවසුවද එය ව්‍යාජ බිලක් වන අතර ලබන මස මාස දෙකේම බිල්පත් ලබන මස ගෙවීමට ජනතාවට සිදුවන බවත් ජයලාල් මහතා පවසයි.

ඔහු පවසන පරිදි රජය විසින් මේ ඔස්සේ ජනතාව රැවටීමක් සිදු කරන අතර ලබන මස මාස දෙකක බිල්පත් ගෙවීමට විදුලි පාරිභෝගිකයන්ට සිදු වනුු ඇත. දැනට නියම කර ඇති පරිදි මහා මැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වුණහොත් ලබන මස විදුලි බිල් නිකුත් කරන විට මැතිවරණය අවසන් වී ඇති බැවින් එතෙක් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට රජය විසින් සිදු කරන ප්‍රෝඩාවක් බවත් ජයලාල් මහතා පැවසුවේය.

කෙසේ වෙතත් පහර කෑමට ලක්වූ සේවකයාගේ තත්ත්වයද සැලකිල්ලට ගනිමින් තව දුරටත් එසේ බිල් නිකුත් කළ නොහැකි බව පාලනාධිකාරියට දැනුම් දෙන බවත් ජයලාල් මහතා කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment