ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීමට මේ වන විට දින නියම කර තිබුණද තවමත් ඒ සදහා සුදුසු වාතාවරණයක් නොමැති බැවින් ඒ පිළිබදව තීරණයක් ගෙන දැනුම් දෙන ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින් අද දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.
රාජගිරිය මැතිවරණ කොමිසමේ ශ්‍රවණාගාරයේදී අද දින පැවැති සන්ධානගත දේශපාලන පක්ෂවල නියෝජිතයින් සමග අද දින පැවැති සාකච්ඡාවකදී එම පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමට පවසා ඇත්තේ මැතිවරණ දිනය පිළිබදව සහ නාමයෝජනා පිළිබදව තීරණය කිරීමට අධිකරණයෙන් පවා මැතිවරණ කොමිසමට බලය තිබෙන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබද සුදුසු තීරණයක් ගෙන තරග වදින පක්ෂ සහ සන්ධානවලට දන්වන ලෙසයි.
ජුනි 20 වන දින මැතිවරණය පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළ ප්‍රමුඛ ජාතික සමගි බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විරෝධතාව ප්‍රකාශ කර ඇති අතර සියලු පක්ෂවල ඉල්ලීම වී ඇත්තේ කෙසේ හෝ මැතිවරණය පැවැත්වීම සදහා සුදුසු දිනයක් දන්වන ලෙසයි.
එසේම මේ වන විට නාම යෝජනා බාරදී ඇති අපේක්ෂකයන්ගේ මනාප අංක ප්‍රකාශයට පත් කිිිිිිරීමද ඒ අයුරින්ම කළ යුතු වන බවත් එහිදී කතා බහට ලක්වී ඇත.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ කාල සීමාවද එළඹෙන සැප්තැම්බර් මස අවසන් වීමට නියමිත බැවින් මැතිවරණය පැවැත්වීම වඩාත් ප්‍රමාද කිරීම සුදුසු නොවන බවත් දේශපාලන පක්ෂ විසින් පෙන්වා දී ඇත.
