සමහර ප්‍රදේශවල ඇදිරි නීතිය ලිහිල් කර ඇති අතර ඇදිරි නීතිය තිබියදීම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළද තවමත් කොවිඩ් – 19 සම්බන්ධයෙන් වූ අවදානම පහව ගොස් නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
මීට සුළු මොහොතකට පෙර පොලිස් මූලස්ථානයේදී අවසන් වුණු මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා පොලිසියේ නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ විදේශ රටවලද රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත් කිරීමට කටයුතු කළ විට යළිත් මෙම වසංගතය හිස එසවූ අතර එවැනි තත්ත්වයක් අප රටේ සිදු නොවීමට තවදුරටත් අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතු බවයි.
එහිදී යළි කොවිඩ් – 19 පොකුරු ඇති නොවීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද අජිත් රෝහණ මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ජනතා ආරක්ෂාව සදහා ඇදිරි නීතිය පැනවූයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට ලබා දුන් ලිඛිත නියෝගවලට අනුකූලව බවයි.
එසේම එසේ පනවන ලද ඇදිරි නීතිය හේතුවෙන් මෙරට කොවිඩ් – 19 වසංගතය පැතිරීම වළක්වා ගැනීමට හැකිවී අතර මරණ සංඛ්‍යාව 09ක් වැනි තනි ඉල්ක්කමක තබා ගැනීමට හැකි වුුුුණු බවත් ඔහු කියා සිටියේය.
නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය ලෙස ජනතා සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සදහා 83,000ක් පමණ පොලිස් නිළධාරීන්ගෙන් 55,000ක් පමණ හැම විටම ක්ෂේ්‍ත්‍රයේ රාජකාරියේ නියුතු බවත් ඔහු කියා සිටියේය.
රූපලාවන්‍ය ආයතන, සැලුන්, වෛද්‍ය මධ්‍යස්ථාන වැනි දෑ ලබා දී ඇති උපදෙස් ඒ අයුරින්ම පිළිපැදිය යුතු අතර සති පොළ, පිසූ ආහාර අලෙවිසල් හෝ කාය වර්ධන මධ්‍යස්ථාන වැනි දෑ විවෘත කිරීම සදහා අවසර ලබා දී නොමැති අතර හෙට සිට ඒ පිළිබදව දැඩිව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.
තවද විවෘත කිරීමට අවසර ලබා දී ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එම සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේද යන බවද හෙට සිට දැඩි අධීක්ෂණයට ලක් වන අතර සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන්ද ඒ සදහා යොදවන බව ඔහු කියා සිටියේය. තවද ලංකාව පුරා සවි කර ඇති CCTV කැමරා දර්ශනවලින්ද මේ පිළිබදව නිරීක්ෂණය කරන බව ඔහු කියා සිටියේය.
එසේම පෞද්ගලික වාහනවලින් හෝ කුලී රථවලින් රාජකාරී කටයුතුවලට යාමට අවසර ඇති අතර එසේ නොමැතිව නිකරුණේ මාර්ගවලට ඇතුළුවන වාහන පිළිබදවද නීතියට අනුව ක්‍රියාත්මක කිරීමට සිදු වන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද සහභාගී විය.
