විදුලි සේවකයෝ රාජකාරියෙන් ඉවත් වෙති

by admindasun
0 comment 69 views

පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට විදුලි බිල ලබාදීම සදහා ගිය ලංකා විදුලි බල මණ්ඩලයේ මනු කියවන්නෙකුට පහර දීමක් සිදු වීමට විරෝධය පා අද උදෑසන රත්නපුර දිස්ත්‍රික්කයේ විදුලි සේවකයන් තම රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බව ලංකා විදුලි ස‌ේවක සංගමය පවසයි.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා News Unlimited වෙත කියා සිටියේ අදාළ සැකකරු පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර උසාවි තීන්දුවට හිස නමා තම සේවකයින් යළිි සේවයට වාර්තා කළ බවයි.

කෙසේ වෙතත් පහර කෑමට ලක්වූ විදුලි සේවකයා මේ වන විට පැල්මඩුල්ල පර්යන්ත රෝහලෙන් කහවත්ත රෝහලටද එම රෝහලෙන් රත්නපුර මහ රෝහල වෙතද මාරු කර යවා ඇත.

ඒ පිළිබදව පොලිසිය දැනුවත් කළ අතර විදුලි සේවකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතා යළි උසාවියට කරුණු වාර්තා කරන ලෙස තම සේවක සංගමය පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ජයලාල් මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිිිින් වැඩිදුර වෘත්තීය ක්‍රියා මාර්ගවලට යොමු නොවන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment