රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව යළි ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව හදුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා දීම ආරම්භ කිරීම ගම්පහ දිස්ත්‍රික්කයේ දූනගහ ප්‍රදේශයේදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී එම්. ඒ. බොනිෆස් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.
මෙහිදී කුඹුරු ඉඩම් මිලදී ගැනීමට, කෘෂිකාර්මික කටයුතු සදහා බීජ හා අමුදුව්‍ය මිලදී ගැනීමට, යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට, යටිතල පහසුකම් සංවර්ධනයට, පශු සම්පත් පාලනයට ණය මුදල් ප්‍රදානය කෙරිණි. මීට අමතරව මහජන බැංකුවේ අස්වැන්න ඉතුරුම් හා ආයෝජන ගිණුම් ආරම්භ කළ කෘෂි, අනෙකුත් වගා කටයුතු සහ පශු සම්පත්වවල නිරත වූවන්ට පාස්පොත් පිරිනැමීමමද සිදු විය.
මේ යටතේ කුඹුරු ඉඩම් මිලදී ගැනීමට, කෘෂිකාර්මික කටයුතු සදහා බීජ හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට, ඉඩම් හා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට, යටිතල පහසුකම් සංවර්ධනයට, ධීවර කටයුතු සහ ඒ සදහා අවශ්‍ය බෝට්ටු මිලදී ගැනීමට, පශු සම්පත් පාලනය හා අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සදහා වන මූල්‍ය පහසුකම් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත.
මේ පිළිබදව වැඩි විස්තර ළගම ඇති මහජන බැංකු ශාඛාවේ කළමනාරු හමුවීමෙන් ලබා ගත හැකි බව බැංකුව පවසයි.

