මෝසම සක්‍රීය වුවහොත් ගංවතුර, නායයෑම් සහ දැඩි සුළං

by admindasun
0 comment 108 views

මේ වන විට ආරම්භ වෙමින් පවතින නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වුවහොත් දැඩි ස්වභාවික ව්‍යයසනයන්ට මුහුණ දීමට සිදු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින අනතුරු අගවා සිටියේය.

සාමාන්‍යයෙන් මැයි මස තෙවන සතිය වන විට නිරිත දිග මෝසම ආරම්භ වීමට නියමිත බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර පසුගිය වසර කිහිපය තුළ ලත් අත්දැකීම් අනුව මෙවරද නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වුවහොත් ගංවතුර, නායයෑම් සහ දැඩි සුළං ආදී ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් අනතුරු අගවයි.

වර්තමානයේ පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වන බවත් දැනට රටේ පවතින වාතාවරණය හමුවේ ඒ පිළිබදව දැනුවත් කිරීමට ජනතාව ඒකරාශී කිරීමද සිදු කර නොහැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment