අද දින ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා සභාව රැස්වූ මොහොතේ මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වය අගය කරමින් රැස්ව සිටි සාමාජිකයන් කතා කළ බව එම සභා කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
මසකට දෙවරක් ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා සභාව රැස්වන අතර අද දින පැවැතියේ එහි 79 වන රැස්වීමයි.
මෙම රැස්වීමට හිටපු කථානායක කරු ජයසූරිය, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, තලතා අතුකෝරාළ, බිමල් රත්නායක, සිවිල් සමාජ සාමාජිකයන් වන ජාවෙඩ් යූසුප් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන සාමාජිකයින් සහභාගී විය. අද රැස්වීමටද සාමාජික ආචාර්ය ජයන්ත ධනපාල සහභාගී වූයේ නැත.
මෙම රැස්වීම කථානායක නිළ නිවසේදී අද සවස පැවැත්විණි.
රැස්වීම ආරම්භයේදීම හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය පිළිබදව කතා කළ අතර මෙහිදී පවතින දුෂ්කර වාතාවරණය හමුවේ මැතිවරණ කොමිසමේ කාර්යභාරය පැසසීමට ලක් කර ඇත.
එසේම මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙන්ම මුදල් කොමිෂන් සභාව ලබා ඇති ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කොට ඇත.
