අමත්‍යංශ හතක ලේකම්වරු වෙනස් වී ඇති අතර සමහර ලේකම්වරු වෙනත් අමාත්‍යංශවලට මාරු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය අද සවස නිකුත් කළ නිවේදනයක සදහන්වේ.
ඒ අනුව මීට පෙර සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරිය වූ එස්. එම්. මොහොමඩ් මහත්මිය අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස පත් කර ඇත.
සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස මීට පෙර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාළන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ එස්. හෙට්ටිආරච්චි මහතා පත් කර ඇත.
එසේම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාළන අමාත්‍යංශයේ නව ලේකම් ලෙස අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජේ. ජේ. රත්නසිරි මහතා පත් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ එච්. කේ. ඩී. ඩබ්. එම්. එන්. බී. හපුහින්න මහතා කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත.
එසේම මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ. කේ. එස්. පෙරේරා පත් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජේ. එම්. බී. ජයවර්ධන මහත්මිය අභ්‍යන්තර වෙළෙද, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධනය පිළිබද අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස පත් කර ඇති අතර මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් තර ඇති බවත් ජනාධිපති මාධ්‍ය ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්වේ.
