සන්ධානගත පක්ෂ හෙට මැතිවරණ කොමිසමට

by admindasun
0 comment 41 views

හෙට උදෑසන මැතවරණ කොමිසම රාජගිරියේ පිහිටි එම කොමිසමේදී රැස්වීමට නියමිත බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.

මේ පිළිබදව News Unlimited වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය සාමාන්‍ය කොමිසන් රැස්වීමක් වන අතර එළඹෙන මහා මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ට මනාප අංක ලබා දීම වැනි කරුණුු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ සූදානමක් හෙට දිනයේදී නොමැති බවයි.

එසේම කොමිසමේ රැස්වීමෙන් අනතුරුව සන්ධානගත දේශපාලන පක්ෂවල නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතාට අනුව මීට පෙර මැතිවරණය සදහා තරග වදින දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණු නමුත් සන්ධානගතව තරග වදින පක්ෂ නියෝජිතයන්ට එවැනි අවස්ථාවක් ලබා දුන්නේ නැත. තවද එම පක්ෂවලටද සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ලද ඉල්ලීමට අනුව හෙට දින සාකච්ඡාව සූදානම් කර ඇති බවයි.

මෙම සාකච්ඡාව සදහා විශේෂ න්‍යාය පත්‍රයක් සකස් කොට නොමැති බවත් දේශප්‍රිය මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment