කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා සැපයීමටද දායකත්වය සපයන තැපැල් සේවකයින්ගේ අප්‍රේල් මස වැටුපෙන් දිනක වැටුප් පෙර දැනුම් දීමකින් තොරව අඩු කර ගෙන ඇති බව ලංකා තැපැල් සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඩී එම් විජේරත්න මහතා පැවසුවේය.
තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් එම සංගමය ඉල්ලා සිටියේ කපන ලද දිනක වැටුප යළි ලබා දීමට කටයුතු කරන ලෙසයි.
තව දුරටත් අදහස් දක්වමින් විජේරත්න මහතා පැවසුවේ සමාජයේ අන් අයට මෙන්ම ආදායම් මාර්ග අහිමිවුණු, පරිභෝජනය ඇතුලූ සමාජ ජීවිතය අහිිමිවුණු තැපැල් සේවකයින්ට අත්‍යවශ්‍ය සේවා සැපයීමටද සිදුවී ඇති බවයි.
එසේම සේවකයන්ගේ කැමැත්තද නැතිව මෙසේ මුදල් කපා ගැනීම අතිශයින් අසාධාරණ බවත් ඔහු කියා සිටියේය.
විජේරත්න මහතා පැවසූ පරිදි මෙම තීරණය රජයේ පොදු චක්‍රලේඛයකට අනුව සිදුවූූ පොදු ක්‍රියා මාර්ගයක් නොවන අතර තැපැල්පතිවරයාගේ තනි තීරණයකට සිදුවූ දෙයක් වන බවයි.
එනිසා අත්තනෝමතික ලෙස සේවකයින්ගේ කපාගන්නා ලද දිනක වැටුප සේවකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.
