සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරුයා ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා පත් කර ඇති බව අද දින නිවේදනය කළේය.
මේ සමග වෙනත් අමාත්‍යංශ කිහිපයකද ලේකම්වරු වෙනස් වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද සවස නිවේදනය කළේය.
යුධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා අද දින (11) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ලෙස වැඩ භාර ගත්තේය.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේජර් ජෙනරාල් මුනසිංහ මහතා නව පත්වීමට අමතරව යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය ද දරණු ඇත.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ භද්‍රානි ජයවර්ධන මහත්මිය අභ්‍යන්තර වෙළෙද, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර ඇත.
