සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඞාර, චම්පික රණවක, වික්ටර් අයිවන්, ආචර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ජනාධිපති නීතිඥ එම්. සුමන්දරන් ආදි වශයෙන් විජාතික වුවවමනාවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයන්හි නායකයන් හා එන්.ජී.ඕ. කප්පිතන් මැතිවරණ අවලංගු කරන ලෙසත් පාර්ලිමේන්තුව විසුරුවීම බල රහිත කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඇත. මේ සියලු කොටස් කී කරුණු, දුන් පොරොන්දු, කළ ඉල්ලීම් සියල්ල 69 ලක්ෂයකට වැඩි ජනතාවක් ප්‍රතික්ෂේප කර තිබියදී කරන මේ ඉල්ලීමෙහි අර්ථය කුමක්ද? ජනයාගේ අකැමැත්ත නොතකා තමන්ව පිළිගන්නට බලකරන ලෙස තමන්ට යටත්වීමට බල කරන ලෙස ඉල්ලා සිටීමක් හැර අන් කුමක් ද?
පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බවටද තර්ක මතු කරනු පෙනේ. එහෙත් ‘මෙන්න මිනී මරාගෙන 2/3ක ගන්න යනවෝ’ යයි කරණ කෑගැසීමෙන්ම මහා මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව, 69 ලක්ෂයක විශ්වාසය, කැමැත්ත තවදුරටත් යහවුරු වී ඇති බව කවුරුත් පිළිගන්නා බව පැහැදිලිය. රටට හතුරු බලවේග අධිකරණයෙන් මේ ඉල්ලා සිටින්නේ ඒ කැමැත්තට, විශ්වාසයට, ආදරයට ඉඩ නොදෙන ලෙසය. අති නූතන ලෙස, නව පරපුරු ලෙස පෙනී සිටීමට තැත් කළ මේ විජාතික එන්.ජී.ඕ. කොටස් කරන මේ ඉල්ලීම සම කළ හැක්කේ කොරෝනා වසංගතය හමුවේ විවාහෝත්සව පැවැත්වීම අනතුරුදායක බැවින් තමන් විසින් නැවත නැවතත් රැවටීම නිසා, විනාශයෙන් විනාශයට පත් කිරීම නිසා භාර්යාව ලබාගත් දික්කසාදය වහාම අවලංගු කර ඇයගේ අකැමැත්ත, අප්‍රසාදය, පිළිකුළ කිසිචක් නොකතා තමන් සමඟම ජීවත්වීමට ඇයට බල කරන ලෙස අචීර්ණකල්පික, අවිනීත, ගොරහැඩියකු අධිකරණයෙන් කරන ඉල්ලීමකටය.
පරමාධිපත්‍ය බලය හිමිව ඇත්තේ ජනතාවටය. ඒ ජනතාවගෙන් අතිබහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේ දී ‘ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්’ සඳහාද සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත. එවැනි අවස්ථාවක ව්යවස්ථාවේ වගන්ති මත කෙරෙන කෙස් පැලෙන තර්ක මත ජනයාගේ කැමැත්ත, අභිලාශය, පරමාධිපත්‍ය යටපත් කිරීම කළ හැකිද? ජනයාගේ කැමැත්ත ඉතා පැභැදිළි ලෙස ප්‍රකාශයට පත් ව ඇති අවස්ථාවක අධිකරණයේ යුතුකම වනු ඇත්තේ ජනතා පරමාධිපත්‍ය වඩාත් අර්ථ ගැන්වෙන සේ කටයුතු කිරීමය. නීතිය මඟින් යුක්තිය තහචුරු කිරීමය.
– ගෙවිදු කුමාරතුංග
සභාපති – යුතුකම
