මේ වන විට කොවිඩ් – 19 සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස හදුනාගත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර ශ්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවල හෙට උදෑසන 05 සිට ඇදිරි නීතිය ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
කෙසේ වෙතත් ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල යළි දැනුම් දෙන තුරු රාත්‍රි 8.00 සිට උදේ 05 දක්වා පමණක් දිනපතා ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් එම නිවේදනයයේ සදහන් වේ.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල යළි දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද පෙර දැනුම් දුන් පරිදි රට යළි යථා තත්ත්වයට පත් කිරීම සදහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල වැඩ කටයුතු ආරම්භ කෙරේ.
එසේ වැඩ කටයුතු ආරම්භ කිරීමේදී මීට පෙර දැනුම් දී ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
මීට පෙර පැවතිි තත්ත්වය අනුව කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල යළි දැනුම් දෙන තුරු ඇදිරි නීතිය නොකඩවා ක්‍රියාත්මක වුවද මේ වන විට අවදානම් තත්ත්වයෙන් පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්ක ඉවත් කර ඇත.
