කොවිඩ් – 19 ආසාධනය වී මෙරට රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිට සම්පූර්ණ සුවය ලබා අද දිනයේ නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 55ක් වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙය මේ වන විට දිනකදී සුවය ලබා පිටව ගිය වැඩිම සංඛ්‍යාව වන අතර එම පිරිස් කාත්තන්කුඩි මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තේය.
ඒ අනුව මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 321ක් පමණ වන වේ.
තවද අද දිනයේ මේ වන තෙක් නව කොඩිඩ් ආසාධිතයින් 08 දෙනෙකු පමණ තහවුරු වී ඇති අතර ඉන් 06 දෙනෙක්ම නාවික හමුදා සාමාජිකයන් වන අතර දෙදෙනකේ පසුගියදා විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වෙති.
අද වාර්තා වුණු රෝගීන්ද සමග මෙරට කොවිඩ් – 19 ආසාධිත බවට තහවුරු වූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 855ක් පමණ වන අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 525ක් පමණ වේ.
