කොවිඩ් අවදානම තව වසරක්වක්

by admindasun
0 comment 51 views

හෙට දිනයේ මෙරට යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලක අංශයේ කාර්යාල මෙන්ම කර්මාන්ත ශාලා විවෘත කිරීමට කටයුතු කළත් මෙරට කොවිඩ් අවදානම තවත් වසරක් වැනි කාල සීමාවක් පැවතිය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා පැවසුවේය.

හෙට දිනයේ රට විවෘත කළද ජනතාවට අනුගමනය කිරීමට දැනුවත් කර ඇති සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම පවත්වාගෙන යා යුතු බවත් මෙම විවෘත කිරීම සම්පූර්ණ විවෘත කිරීමක් නොවන බවත් වෛද්‍ය සොයිසා පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන තෙක් 80%ක පමණ සංචරණය සීමා කර තිබුණු අතර හෙට දිනයෙන් පසු එම තත්ත්වය 50%කින් පමණ ලිහිල් කිරීමක් දක්නට හැකි බවත් කියා සිටියේය.

එසේම මේ සම්බන්ධව ඇති අවදානම ඉදිරියට වසරක් වැනි කාලයක් පැවතිය හැකි බැවින් එම කාලය තුළද සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමනේ කොවිඩ් – 19 පැතිරීමට යම් ඉඩක් ඇත්නම් එය වළක්වා ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment