කොවිඩ් සමග LTTE ලකුණ සහ කොඩිය යළි කරළියට

by admindasun
0 comment 104 views

එංගලන්තයේ ලන්ඩන් නුවර කොවිඩ් – 19 රෝගීන් සදහා ප්‍රතිකාර කරනුුුු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ප්‍රයෝජනය සදහා පරිත්‍යාග ලබා දීමේදී LTTE සංවිධානයේ ලාංඡනය සහ ධජය ප්‍රදර්ශනය කර ඇත.

එම පරිත්‍යාගයන් මහා බ්‍රිතාන්‍යයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව (Tamil’s Coordinating Committee-UK) විසින් ‘දෙමළ ප්‍රජාවගෙන් අපේ ස‌ෞඛ්‍ය සේවකයන්ට’ ලෙස සදහන් කරමින් එරට කොවිඩ් – 19 රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබා දෙන බව එහි ප්‍රදර්ශනය කරන ලද බැනරයක සදහන් කර තිබූ අයුරු දක්නට තිබුණි.

බැනර්වල LTTE ලාංජනය ප්‍රදර්ශනය කිරීමට අමතරව ඒ සදහා සහභාගී වූවන් LTTE ධජය අතැතිව ඡායාරූපවලට පෙනී සිටි අයුරුද දක්නට ලැබුණි.

LTTE සංවිධානය මුළුමනින්ම ශ්‍රී ලංකාව තුළ පරාජය කිරීමෙන් පසු විටින් විට ලන්ඩන් නුවර විවිධ අවස්ථාවන්හිදී පැවැත්වුණු පෙළපාලි සහ වෙනත් විරෝධතාවලදී LTTE ලකුණ සහ ධජය ප්‍රදර්ශනය කරන අයුරු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙසේ LTTE ලකුණ සහ ධජය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් තිබෙන දක්නට ලැබුණ‌ේ මාස ගණනාවකට පසුය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment