අද දිනයේදී වාර්තා කොවිඩ් – 19 රෝගීන් 12ක් වාර්තා වුණු අතර ඒ සියලු දෙනා නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු කොවිඩ් – 19 රෝගීල්ගේ මුළු සංඛ්‍යාව 847ක් වන අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 578ක් පමණ වේ.
දිනකදී වාර්තා වුණු සුවවූ රෝගීන්ගේ වැඩිම සංඛ්‍යාව අද දින වාර්තා වුණු අතර එම සංඛ්‍යාව 15ක් විය. ඒ අතර පළමු නාවික හමුදා කොව්ඩ් ආසාධිතයාද වුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.
කෙසේ වෙතත් එක් දිනක් තුළ සිදු කළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව වන 1821ක් ඊයේ දින තුළ සිදු කර තිබේ.
