සුරාසල් දිගටම වසයි

by admindasun
0 comment 29 views

එළඹෙන මැයි 11 වනදා කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ලිහිල් කෙරෙන අතර ඇදිරි නීතිය පවතින ප්‍රදේශවලට කාර්යාල සහ කර්මාන්ත ශාලා ආදිය විවෘත කෙරණද රට බීම අලෙවි සල් සහ සුරා සල් නැවත දන්වන තුරු දිගටම වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ඇදිරි නීතිය ඉවත් කිරීමේ මහ අනෙකුත් නීති ලිහිල් කිරීම් රට බීම සල් සහ සුරාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අදාළ නොවන බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුවට රට බීම සල් සහ සුරාසල් යළි විවෘත කිරීමට විශේෂ නියෝගයක් ලැබෙන තුරු දැනට ක්‍රියාත්මක වන තත්ත්වය බල පැවැත්වෙන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment