අමතක නොවන මතකය සිරිමාවෝ

by admindasun
0 comment 100 views

ලෝකයේ පළමු අගමැතිනිය බිහි කිරීමේ ගෞරවය අපේ රටටත්, අපේ ආදරණීය පක්ෂයටත් ලබා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. අවුරුදු 69 ක ඉතිහාසයක් හිමි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එයින් අවුරුදු 40 ක්ම පක්ෂයේ සභාපතිනිය ලෙස කටයුතු කළේ එතුමියයි. ඒ බාරදූර වගකීම එතුමිය වෙත පැවරුනේ 1960 මැයි 07 වෙනිදායි.
පනස්හයේ මහා දේශපාලන පෙරළිය ඇතිකළ තමුන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා, අගමැති බණ්ඩාරනායක මැතිතුමා කුමන්ත‍්‍රණකාරී පිරිසක් විසින් 1959 සැප්තැම්බර් 26 වෙනිදා ඝාතනය කළාට පසු පාසල් වයසේ දරුවො තුන්දෙනෙක් එක්ක එතුමිය නිවසේ තනිිවිය. පක්ෂයේ නායකත්වය බාරගන්නා ලෙස පක්ෂයේ බොහෝ දෙනා එතුමියගෙන් ඉල්ලා තිබුණේ පක්ෂයේ නායකත්වය තම පුවලට අවශ්‍ය නොවන අතර එය පක්ෂයේ වෙනත් ජේෂ්ඨයකුට දිය යුුුුතු බවයි.

1959 දෙසැම්බරයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි විට මේ ඉල්ලීම තවත් වැඩි විය. ඒත් අවසානයෙහි පක්ෂයේ උපසභාපති වරයකුවූ සී. පී. ද සිල්වා මහත්තයා පක්ෂයේ සභාපති විය. ඒ අනුව එතුමගේ නායකත්වයෙන් 1960 මාර්තු මැතිවරණයට පක්ෂය තරඟ කළේය.

ඒ ඡන්දයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ ආසන 46 ක් පමණි. ආසන 50 ක් දිනපු එක්සත් ජාතික පක්ෂයේ ඩඞ්ලි සේනානායක මහතා තවත් පක්ෂ කීපයක් එකතු කරගෙන අගමැති විය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සී.පී. දසිල්වා මහතා විපක්ෂ නායක විය.

කෙසේ වෙතත් එ.ජා.ප ආණ්ඩුවේ රාජාසන කතාව පරාජය වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා නැවත ඡුන්දයක් පැවැත්වීමට සිදු විය. මේ නිසා නැවත පක්ෂයේ නායකත්වය බාරගන්නා ලෙස මැතිණියට ඉල්ලීම් ගලා එන්නට පටන් ගත්තේය. මුලදී ඒ සදහා අකමැති වුනත් අවසානයේ හේන්පිටගෙදර ඤාණසීහ නායක හාමුදුරුවන්ගේ දැඩි බලපෑම නිසා පක්ෂයේ නායකත්වය බර ගැනීමට මැතිණියට සිදු විය.

ඒ අනුව 1960 මැයි 07 වෙනිදා, හරියටම අවුරුදු 60 කට කලින් පක්ෂයේ විධායක සභාව රැස්වී පක්ෂයේ සභාපතිනිය ලෙස ඒකච්ඡන්දයෙන් සිරිමාවෝ මැතිණිය පත්කරගන්නා ලදී. එතුමියගේ නායකත්වයෙන් 1960 ජුලි මැතිවරණයට ඉදිරිපත් වුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 151 න් 75 ක්ම ජයගත්තේය.

ඒ අනුව පක්ෂයේ නායිකාව ලෝකයේ පළමුවන අගමැතිවරිය හැටියට දිවුරුම් දී වැඩ බාර ගන්නා ලදී. මැතිණිය පක්ෂයේ නායකත්වයට පත්වුණාට විරුද්ධ පක්ෂ එතුමියට විවිධ ආකාරයෙන් අපහාස, උපහාස කරන්නට විය.

කෙසේ වෙතත් ඇමැති බිරිඳක්, මන්ත‍්‍රී බිරිඳක්, විපක්ෂ නායක බිරිඳක්, අගමැති බිරිඳක් ලෙස විතරක් නොාව පක්ෂ නායකයකුගේ බිරිඳක් ලෙස එතුමිය දේශපාලන ලෝකයේ අත්දැකීම් ලබා තිබුණිි. ඒ විතරක් නොව මේරී රත්නම් මහත්මිය ආරම්භ කරපු මහිලා සමිති ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී සාමාජිකාවක්, කාරක සභිකාවක්, භාණ්ඩාගාරිකවරියක් ලෙස පමණක් නොව එහි සභාපතිනිය ලෙසත් එතුමිය සමාජ සේවා කටයුතුවල යෙදි තිබුණි. විශේෂයෙන්ම 1940, 1950 දශකවල ලංකාවේ පැතිරුණු උණසන්නිපාත සහ වසූරිය වසංගතවලදී වාහන ගමනාගමන පහසුකම් නැතිව ඉතා දුරබැහැර දුෂ්කර ගොවි ගම්මානවල පයින් ගමන් කරමින් වසංගතයෙන් පීඩා විඳින අහිංසක ගොවි ජනතාව හමුවිය. ඔවුන්ගේ දුක සැප සොයා බලන ලදී. මහිලා සමිති සාමාජිකාවන්, වෛද්‍යවරුන් සමඟ දින දෙක තුන එම ගොවි ගගම්මානවල නතරව හිඳිමින් ඔවුන්ට වෛද්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලදී. මේ නිසාම රටේ වී ගොවිතැන, හේන් ගොවිතැන, එළවළු ගොවිතැන වගේම කෘෂිකර්මාන්ත කටයුතු ගැනත් රෙදි විවීම, ඇඳුම් මැසීම ,විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය වැනි ග‍්‍රාමීය කර්මාන්ත ගැනත් ප‍්‍රායෝගික හොඳ අවබෝධයක් ලබාගැනීමටත් එතුමියට හැකි විය. පුරා විසිවසරක් පමණ මහිලා සමිති ව්‍යාපාරයෙන් තමන් ලැබූ දැනුම තමන්ගේ රාජ්‍යපාලන කටයුතුවලට බොහෝ පහසුවක් වූ බව විවිධ අවස්ථාවල එතුමිය පවසා ඇත.

1960 – 1964 එතුමියගේ පළමු පාලන කාලය තුළදී එතුමිය සිදු කළ පාසල් රජයට පවරාගැනීමෙන්, ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි රජයට පවරාගැනීම වගේ කටයුතුවලට එරෙහිව ජාත්‍යන්තරයෙන් පවා විශාල බලපෑම් එල්ල විය. ඒත් ඒ කිසිවකට එතුමිය රට වෙනුවෙන් ගත් ඒ තීරණ කිසිවක් වෙනස් කළ හැකිවූයේ නැත. මීට හොඳම උදාහරණයක් මම මගේ පියතුමන්ගෙන් අසා ඇත. මේ කාලයේදී වරක් එතුමිය නිල ආරාධනයකට අනුව රුසියාවේ ( එවකට සෝවියට් සමූහාණ්ඩුවේ) සංචාරයකට සහභාගී වී ඇත. එකල සෝවියට් දේශය කියන්නේ ලෝකයේ මහබලවතුන් දෙදෙනාගෙන් කෙනෙකිි. ඒ සෝවියට් දේශයේ නායකයා සමඟ මැතිණිය සහභාගී වූ ද්වීපාර්ශ්වික සාකච්ඡාවකදී එතුමිය දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරද්දී ඇය දෙස පුදුමයෙන් මෙන් බලාසිටි සෝවියට් නායකයා “මෙතුමිය හරිම දැඩි කාන්තාවක්” යැයි පවසා ඇත. එහිදී මැතිණිය සිනාසී ඔහුට පවසා ඇත්තේ “මා දැඩි බවක් ඔබට පෙනෙන්නේනම් ඒ මගේ රටත් මගේ ජනතාවත් වෙනුවෙන්ම පමණයි” යනුවෙනි. සාකච්ඡා අවසානයේ මැතිණිය බලාපොරොත්තු වූවාටත් වැඩි ආධාර සහ ත්‍යාගයන් සෝවියට් දේශයෙන් අප රටට ලැබී ඇත. ඒ සාකච්ඡාවල ප‍්‍රතිපලයක් ලෙස හිඟුරාන සහ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවන් දෙකම පරිත්‍යාග හැටියට අපට ලැබී ඇත.

ගොවියා හැකිතාක් දිරිමත් කරමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීමත් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් කළ හැකි දේශීය කර්මාන්ත හැකිතාක් දියුණු කිරීමත් මැතිණියගේ ආර්ථික වැඩපිළිවලේ ප‍්‍රමුඛතම අරමුණයි.
එතුමියගේ පළමු ධුර කාලයේදී රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථා මණ්ඩල අසූවක් පමණ ඇති කරමින් දේශීය කර්මාන්ත නගා සිටුවීමට එතුමිය කටයුතු කළ අතර ටයර් සංස්ථාව, කඩදාසි සංස්ථාව, වානේ සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ලෝහ භාණ්ඩ සංස්ථාව, සීනි සංයුක්ත මණ්ඩලය ඒ අතර කැපී පෙනෙන කිහිපයකිි.

එසේම ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් බවට පත් කිරීම, මහජන බැංකුව පිහිටුවීමත්, තැපැල් කාර්යාල ඉතිරි කිරීමේ වැඩ පිළිවෙල ජාතික ඉතිරි කිරීමේ බැංකුව බවට පත් කිරීමත් එතුමිය අපේ රටට ලබා දුන් මිල කල නොහැකි දායාදයන් වේ.

එතුමියගේ දෙවන ධුර කාලය වූ 1970-1977 කාලය මෙරට ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් සනිටුහන් කළ කාලයක් සමගි පෙරමුණු රජය බලයට පත්වී වසරක් ගත වීමටත් පෙර ඇතිවූ සන්නද්ධ තරුණ කැරැල්ල ඉන් එක සිදුවීමක්. මේ සන්නද්ධ තරුණ පිරිස පාලනය කර ඔවුන් දහස් ගණනක් නඩු අසා පුනරුත්තාපනය කිරීම එතුමිය ලෝකයටම දුන් ආදර්ශයකිි. ඒසේම 1972 මැයි 22 දින ශ‍්‍රී ලංකාව පුර්ණ ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට පත් කරමින් නව ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කිරීමත් වැදගත් සිදුවීමක්. තවද මැතිණියගේ රාජ්‍යතාන්ත‍්‍රිකභාවය විදහා දක්වන සිදුවීම් අතර එතෙක් ඉන්දියානු රාජ්‍යට අයත්ව පැවති කච්චතිව් දුපතේ අයිතිය මෙරටට පවරාගැනීම සුවිශේෂී කොට දැක්විය හැකිය. පුද්ගලයෙකු සතුවිය යුතු උපරිම ඉඩම් සීමාව අක්කර 50 කරමින් සම්මත කළ ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත තවත් එකකිි.

අපේ ආදරණිය පක්ෂයේ අද්විතීය නායිකාව ගැන කියන්නට, ලියන්නට තවත් බොහෝ දේ තිබේ. එහෙත් අද බොහෝ දෙනාගේ කතා බහට ලක්වී ඇති දේශපාලනය පිළිබඳව එතුමිය ලෝක සමුළුවකදී ප‍්‍රකාශ කර අදහසක් සහ එතුමිය ක‍්‍රියාත්මක කළ දේශීය කෘෂිකාර්මික වැඩපිළිවෙල පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් පිරිනැමෙන ඉහලම සම්මානය වන සෙරස් පදක්කම එතුමියට හිමි විය.

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියනි, අපේ රටේ ජනතා හදවත්වල ඔබතුමිය සදාකාලිකවම ජිවත් වේ!

– දුමින්ද දිසානායක
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment