වීරවංශ විපක්ෂයට දෙහි කපයි

by admindasun
0 comment 40 views

මෙරට විපක්ෂය මෙවැනි වසංගත තත්ත්වයක් ඇති වෙලාවකදීද දේශපාලන මත භේද මත පදනම්ව පටු දේශපාලන වාසි තකා කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා දේශපාලන මතභේද පසෙකලා කොවිඩ් – 19 වසංගත තත්ත්වය මැඩලීම සදහා කටයතු කරන ලෙස ඉල්ලා සිටියද මේ වන තෙක් ඒ සදහා කිසිදු සහායක් විපක්ෂය විසින් ලබා දී නොමැති බව ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් තව දුරටත් ඔහු කියා සිටියේ මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙන්ම සියලු ක්ෂේත්‍ර නිළධාරීන් මෙම වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට උරෙනුර ගැටෙමින් කටයුතු කරන තත්ත්වයක් තුළ විපක්ෂයේ විවේචන එල්ල කිරීම කිසිසේත්ම සාදාචාරාත්මක නොවන බවයි.

එසේම පසුගිය ආණ්ඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට බාරදෙන විට ආර්ථික වර්ධන වේගය 1.4%ක් බවත් එහෙත් 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට බාරදෙන විට 7.5%ක ආර්ථික වර්ධන වේගයක් තිබුණු බවත් ඔහු පැවසුවේය.

තව දුරටත් ඔහු කියා සිටියේ පසුගිය රජය සමයේදී මෙවැනි වසංගතයකට මුහුණ දීමට සිදු වූයේනම් රටට වන දේ ගැන අනාවැකි පල කර නොහැකි බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment