මෝදර මෙත්සද සෙවන නිවාස සංකීර්ණයේ පදිංචිව සිට මියගිය කොවිඩ් – 19 ආසාධිත කාන්තාවට රෝගය වැළදුණු ආකාරය තවමත් සොයාගත නොමැකි බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
එසේම මෙත්සද සෙවන නිවාස සංකීර්ණයේ අවදානම් පිරිස් සියල්ල අද දින පී සී ආර් පරීක්ෂණවලට යොමු කෙරුණද කිසිවෙකුට රෝගය ඇති බවට තහවුරු වී නොමැති බවත් දැනගන්නට ලැබේ.
එසේම එම නිවාස සංකීර්ණයේ තවත් පිරිසක් මේ වන විට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
එසේම පසුගිය දින කිහිපය පුරා හදුනා ගැණුනු කොවිඩ් – 19 රෝගීන් 460 දෙනෙකුගෙන් 372ක්ම නාවික හමුදා සාමාජිකයන් වූ අතර ඔවුන් සියල්ල මේ වන විටත් සමාජයෙන් වෙන් කොට තබා ඇති නිසාවෙන් ඔවුන්ගෙන් රෝගය පැතිරීමේ අවදානමක් නොමැති බව ලුතිනන් ජනරාල් සිල්වා පැවසුවේය.
කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට ඊයේ දින රෝහල් ගත කරන ලද රාජගිරිය සහ කොළොන්නාව පදිංචිකරුවන් දෙදෙනෙකුට සහ ජාතික රෝහලේ හෙද නිළධාරිනියට රෝගය ආසාධනය වී නොමැති බව අද දින තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.
ඊයේ දින එම පුද්ගලයින්ගෙන් ලබාගත් සාම්පල ඌන ආසාධිත තත්ත්වයේ පැවතුණු අතර ඒ අනුව සාමාන්‍ය ක්‍රමවේදයට අනුව අද දිනද පරීක්ෂා කරන ලද අතර එමගින් ඔවුන්ට කොවිඩ් – 19 ආසාධනය වී නොමැති බව තහවුරු වූ බව වෛද්‍ය ජාසිංහ පැවසුවේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ මෙරට හදුනා ගැනුණු කොවිඩ් – 19 පොකුරු අතරින් මේ වන විට තරමක් හෝ සක්‍රීයව පවතින්නේ වැලිසර නාවික හමුදා කදවුරෙන් හදුනා ගැනුණ පොකුර බවයි.
