උසස් පෙළ විභාගය ගැන තීරණය පාසල් ආරම්භයෙන් පසුව

by admindasun
0 comment 53 views

2020 අ. පො. ස. (උසස් පෙළ) විභාගය නිමිත පරිදි අගොස්තු මාසයේදී පවත්වනවාද නැද්ද යන බව පාසල් නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව තීරණය කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසුවේය.

News Unlimited කළ විමසුමකදී ඔහු කියා සිටියේ පාසල් නැවත ආරම්භ කිරීම සදහා මේ වන විට දිනයක් නිශ්චිත වශයෙන් නියම කර නොමැති අතර පාසල් ආරම්භ කිරීමෙන් පසු ඇති වන තත්ත්වය මත එය තීරණය කෙරෙන බවත් ඔහු කියා සිටියේය.

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග පසුගිය මාර්තු මස දෙවන සතියේදී මෙරට පාසල් වසා දැමුණු අතර මැයි මස 11 වන දින යළි පාසල් විවෘත කිරීමට නියමිතව තිබුණද තවමත් පවතින තත්ත්වය අනුව ඒ පිළිබද ස්ථිර තීරණයක එළඹ නොමැත.

උසස් පෙළ විභාගය පිළිබදව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ විභාගය කල් දැමීමට තීරණයක් නොගෙන ඇති අතර මේ වන විටත් විභාගය සැළසුම් කර ඇති පරිදි පැවැත්වීමට නියමිත බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment