සංවර්ධන නිළධාරීන් අමතර රාජකාරීවලින් ඉවත් වන ලකුණු

by admindasun
0 comment 57 views

කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ ජනතාවට සහන සැලසීමේ කාර්යයේ යෙදී සිටින සංවර්ධන සේවා නිළධාරීන්ට අනෙකුත් නිළධාරීන්ට මෙන්ම අදාළ මූලික පහසුකම් ලබා නොදෙනනේනම් මේ වන විට ඔවුන් යෙදී සිටින අමතර සේවාවලින් ඉවත් වීමට සිදු වන බව රජයේ සංවර්ධන සේවා නිළධාරී සංගමය පවසයි.

සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ පසුගිය මාර්තු සහ අපේ‍්‍රල් මාසවල දී පැවති දැඩි අවධානම් සහගත තත්වයන් දරාගනිමින් රාජකාරී ඉටු කළද සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කිසිඳු ගැටළුවකට විසඳුමක් රජය විසින් ලබා දී නොමැති බවයිි.

තව දුරටත් ඔහු කියා සිටියේ  කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ජනතාව වෙනුවෙන් වසම තුළ ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන්ම සමානව කාර්යභාරයක් ඉටු කරන අතර දීමනා සහ පහසුකම් මෙන්ම චක‍්‍රලේක මගින් ආවරණය කිරීමේදී ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සංවර්ධන නිලධාරීන් නොසලකා හැර ඇතිි බවයි.

සූරියආරච්චි මහතාට අනුව මුව ආවරණ, අත් ආවරණ ඇතුළු ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා නොදීම, සමෘද්ධි සංවර්ධන හා ග‍්‍රාම නිලධාරීන්ට මෙන්ම අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන ආර්ථික සංවර්ධන හා සංවර්ධන නිලධාරීන්ට දීමනා ලබා නොදීම, රු.5000/- ගෙවීමේදී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ට ගෙවීම් සහතික කිරීමට අදාළ වවුචරයේ ඉඩක් ලබා නොදීම, වසම් මට්ටමින් ජනතාවට අවශ්‍ය ඖෂධ, ආහාර ද්‍රව්‍ය සැපයීම හා නිරෝධායන කටයුතු සොයා බැලීම සඳහා යෙදෙන සංවර්ධන නිලධාරීන්ට ඉන්දන වියදම් පෞද්ගලිකව දැරීමට සිදුවීම හා ඒ සඳහා දීමනාවක් ලබා නොදීම, ජනාධිපති කාර්යාලය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මගින් නිකුත් කරන චක‍්‍රලේක තුළ ආර්ථික සංවර්ධන නිලධාරී/ සංවර්ධන නිලධාරී නම් කර වගකීම් නොපැවරවීම හා නොසළකා හැරීම යන ගැටළු පිළිබදව මේ වන විටත් රජයට දැනුම් දී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment