සාජා නුවර සුපිරි නිවාස සංකීර්ණයක දැවැන්ත ගින්නක්

by admindasun
0 comment 119 views
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පිහිටි සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතිි අතර අළුයම 2.30 වන විටත් එය පාලනය කර ගත නොහැකි මට්ටමේ ඇති බව සාජා ආරංචි මාර්ග පවසයි.
මෙය තට්ටු 20කට අධීක ප්‍රමාණයකින් යුතු සුපිරි මහල් නිවාස සංකීර්ණයක් බව පැවසේ.
ඊයේ (අගහරුවාදා) රාත්‍රි 9.04ට පමණ 10 වන මහලෙන් ගින්න හටගෙන ඇති බව නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පැවසා ඇත.
ඒ අසළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් අප සමග පැවසුවේ මේ මොහොතේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර එවැනි තත්ත්වයක් තුළ මේ සිද්ධියට මුුුුුහු දීමට එම නිවාස සංකීර්ණයේ ජනතාවට සිදු වී ඇති බවයි.
කෙසේ වෙතත් ගිනි නිවන අංශ ගුවනින් ඇතුළු සෑම අයුරකින්ම ගින්න පාලනය කිරීමට උත්සාහ කළ බව දැනගන්නට ඇත.
නමුත් ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 2.30 වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වී ඇති බව එහි සිටින අප නියෝජිතයෙක් පැවසුවේය.
ජීවිතවලට සිදුවූ හානිි පිළිබදව තවමත් කිසිදු තොරතුරක් නොලැබෙන බව ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment