ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හදුන්වා දුන් ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැර වීමේ දිනය තීරණය කිරීමේ ක්‍රමය අදාළ වන්නේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල කිසියම් කෙනෙක් නිවසින් බැහැර වන්නේනම් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඇදිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස්වලින් බැහැර යාමට මෙය කිසිසේත්ම බල නොපාන බව එම නිවේදනයේ සදහන්වේ.
කෙසේ වෙතත් කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
