මෙරට කොවිඩ් රෝගීන් 718 දක්වා ඉහළට

by admindasun
0 comment 48 views

අද (03) රාත්‍රි 10.30 වන විට ලැබුණු පරීක්ෂණ වාර්තාවලට අනුව නව රෝගීන් 10ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධනය වූ බවට තහවුරු වුණු රෝගීන්ගේ සංඛ්‍යාව 718 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව අද දිනයට රෝගීන් 13 දෙනෙකු වාර්තා වී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අද උදෑසන පැවසූ පරිදි ඊයේ දින නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් 200 දෙනෙකුගෙන් සාම්පල ලබා ගත් අතර එහි ප්‍රතිඵල අද රාත්‍රී වන විට ලැබෙන බවයි.

අද දිනයේද ඇතුළුව මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගිය රෝගීන්ගේ සංඛ්‍යාව 184ක් පමණ වන අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 527ක් පමණ වන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment