රු. 5,000 දීමනාව මැයි මාසයටත්, ගෙවීම් හෙට සිට

by admindasun
0 comment 213 views

කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීම සදහා රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග ජීවනෝපාය මාර්ග අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය විසින් ලබා දුන් රු. 5,000 දීමනාව මැයි මාසය සදහාත් ලබා දීමට රජය තීරණය කර ඇති බව මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.

ඒ අනුව මැයි මාසයට අදාළ රු. 5,000 දීමනාව ලබා දීම හෙට සිට ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මැයි මාසය සදහා අදාළ මෙම දීමනාව ගෙවීම ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව හෙට ආරම්භ කර එළඹ‌ෙන වෙසක් පෝය දිනට පෙර ගෙවා නිම කිරීමට නියමිතය.

මෙම දීමනාව සම්බන්ධයෙන් මුල් ලේඛණවල නම් සදහන් මීට පෙර එම දීමනාව ලබාගත් අයට මෙන්ම පොරොත්තු ලේඛණවල සිටින අයට මෙම දීමනාව ගෙවීමට නියමිතය.

එසේම මැයි මාසයට අදාළ විශ්‍රාම වැටුප ගෙවීමද හෙට ආරම්භ කිරීමට නියමිතය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment