කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම හේතුවෙන් වසා දමා තිබුණු මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ බේරුවල ප්‍රදේශයේ පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශ අද යළිත් විවෘත කළ බව කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
එම ප්‍රදේශයේ වසංගතය පැතිරීම තත්ත්වයෙන් අවදානම් බව පහව යාමත් සමග මෙම ප්‍රදේශ යළි සාමාන්‍ය ප්‍රදේශ ලෙස විවෘත කෙරුණු බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු ප්‍රදේශවල මේ වන විට කොළඹ 12 බණ්ඩාරනායකපුර සහ පොළොන්නරුව ප්‍රදේශයේ ගම්මානයක් හැරුණු කොට අනෙකුත් සියලු ප්‍රදේශ මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇත.
