නාවික හමුදා සාමාජිකයන්ගේ PCR පරීක්ෂණ අවසන්

by admindasun
0 comment 35 views

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් – 19 ආසාධනය වීමෙන් පසු ඒ සදහා අවදානමක් තිබූ නාවික හමුදා සාමාජිකයන්ට සහ ඔවුන් සමග ඇසුරු කළ සමීපතමයින්ට සිදු කරන ලද PCR පරීක්ෂණ ඊයේ වන විට සිදු කර අවසන් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

ඒ අනුව තවත් සාම්පල 200ක පමණ පරීක්ෂණ වාර්තා අද දින ලැබීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.

සිකුරාදා (01) දිනයේදී නාවික හමුදා සාමාජිකයන්ට සිදු කරන ලද PCR පරීක්ෂනවල වාර්තා ඊයේ දිනයේදී ලැබුණු අතර ඒ අනුව 15 දෙනෙකුට රෝගය ආසාධනය වී ඇති බවට තහවුරු විය. ඉන් 10 දෙනෙක් නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් තිබූ නාවික හමුදා සාමාජිකයන් වූ අතර 02 දෙනෙක් වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්ත නාවික හමුදා සාමාජියකයන් විය. තවත් තුන් දෙනෙකු මේ වන විට මිහින්තලේ නාවික හමුදා කදවුරේ නිර‌ෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සාමාජිකයන්ගේ සමීපව ඇසුරු කළ අය වූූ බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment