හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන හොදම කණ්ඩායම සහිත ලෝකයේ දෙවන යුධ හමුදාව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
ලොව පුරා රටවල යුධ හමුදාවන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් හදිසි ආපදා තත්ත්වයන්හිදී ක්‍රියාත්මක වන කණ්ඩායම් 16ක් පමණ සිටින අතර ඉන් පළමු තැන හිමිවී ඇත්තේ ස්පාඤ්ඤයේ යුධ හමදාවට බවත් ඔහු කියා සිටියේය.
කොවිඩ් – 19 වසංගතය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ සිදු කළ මෙහෙය සැළකිල්ට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම වර්ගීකරණයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවට දෙවන ස්ථානය ලබා දී ඇති බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් සිල්වා මහතා පැවසුවේය.
කොවිඩ් – 19 වසංගතය මර්දනය කිරීමෙහිලා ශ්‍රී ලංකා යුධ හමුදාව දින 05ක් තුළ ඉරණවිල ප්‍රදේශයේ කොවිඩ් – 19 සදහා ප්‍රතිකාර ලබා දෙන රෝහලක් ඉදි කිරීමට කටයුතු කළ අතර නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමද කෙටි කාලයක් තුළ සිදු කරන ලදී.
හදිසි අවස්ථාවක රෝහලක් ඉදි කිරීමේ හැකියාව වැනි දෑ මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැළකිල්ලට ගෙන ඇති බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.
