විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නම් මුදල් ගෙවා නිරෝධායනය වීමට මෙරට සුපිරි හෝටල් 02ක් මේ වන විටත් සූදානම් කර ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්දු සිල්වා මහතා පැවසුවේය.
මේ වන විට සිට්රස් (Citrus) සහ ජෙට්වින්ග් (Jetwing) හෝටල් හිමිකරුවන් මේ සදහා කැමැත්ත ප්‍රකාශ කර ඇත.
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෙසේ හෝටල් සූදානම් කර ඇති අතර එහිදී සියලු ආහාර වේල්ද ඇතුළුව එක් කාමරයක් සදහා අය කරන්නේ රුපියල් 7,500ක් වැනි මුදලක් බවත් ඔහු කියා සිටියේය. සාමාන්‍යයෙන් මෙම හෝටල්වල සාමාන්‍ය තත්ත්වය යටතේ කාමරයක මිල රුපියල් 35,000ක් පමණ වන බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී මෙම හෝටල්වල නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ යුධ හමුදාවේ දැඩි අධීක්ෂණය යටතේ වන අතර එම අවස්ථාවේදී එම හෝටල්වල සිටිය හැක්කේ නිරෝධායනයට ලක්වන අය පමණක් බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.
අද දිනයේදීද එංගලන්තයේ සිට 260කට ආසන්න පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත අතර එවැනි හෝටල්වල මුදල් ගෙවා හෝ ලබාගත හැකිි නිරෝධායන පහසුකම් ලබා දෙන ලෙස විදේශගත බොහෝ ශ්‍රී ලාංකිකයන් විසින් ඉල්ලීීීීම් කර තිබූ බවත් ඔහු කියා සිටියේය.
මේ වන විට රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විට 4646ක පිරිසක් නිරෝධායනයට ලක් වෙමින් සිටින අතර මධ්‍යස්ථාන සියල්ල උපරිම ධාරිතාවයේ පවතින බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන ඇත්තේ හමුදා කදවුරු වන අතර මේ වන විට නිවාඩු ලබා ඇති සියලු හමුදා සාමාජිකයන්ද කැදවීම නිසා එම කදවුරුවද උපරිම ධාරිතාවට පැමිණ ඇත.
කෙසේ වෙතත් අවශ්‍ය නම් තවත් නිරෝධායන මධ්‍යස්ථාන ඉදි කිරීමට යුධ හමුදාව සූදානම් බවත් ඔහු කියා සිටියේය.
