මෙරට කොවිඩ් පොකුරු 31න් 30ක්ම පාලනයට

by admindasun
0 comment 43 views

ශ්‍රී ලංකාවෙන් මේ වන තෙක් සමාජයේ කොවිඩ් – 19 පොකුරු 31ක් හමු වී ඇති අතර ඉන් 30ක්ම මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා පැවසුවේය.

එසේම මෙරට අවසන් වරට හදුනාගත් පොකුරු මට්ටමේ රෝගය ව්‍යාප්ත වන ස්ථාන වූ ජා – ඇල සුදුවැල්ල, කොළඹ 12 බණ්ඩාරනායකපුර සහ නාවික හමුදාවේ හදුනාගත් පිරිසද මේ වන විට සෞඛ්‍ය අංශවල පාලනයට ලක් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ ද සිල්වා මහතා පැවසුවේ අවසන් වරට හදුනාගනු ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කදවුරු ආශ්‍රිත කොවිඩ් – 19 පොකුරු තත්ත්වය පැය ගණනක් තුළ දී පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත් බවයි.

එසේම ලංකාව පුරා නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සාමාජිකයන්ගෙන් රෝගය ව්‍යාප්ත විය හැකි බවට අවදානමට ලක්වූ පිරිසද පැය ගණනක් තුළ සොයාගෙන අවශ්‍ය කටයුුුුතු සිදු කිරීමට මෙරට බුද්ධි අංශ සමත් වූ බවත් ද සිල්වා මහතා පැවසුවේය.

තය දුරටත් අදහස් දැක්වූ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට අනුව මින් ඉදිරියේදී මෙවැනි පොකුරු තත්ත්වයක් ඇති වුවහොත් එය සාමාජයේ අනෙකුත් කොටස්වලට ව්‍යාප්ත වීමට පෙර වෙන් කර හදුනාගෙන එම පිරිස ඉවත් කර ගැනීමට මේ වන විට කටයුතු සැළසුම් කර ඇත.

මේ වන විට ලෝකයේ හොදම බුද්ධි සේවය ක්‍රියාත්මක වන්නේ ඊශ්‍රායලයේ වන අතර මේ වන විට ඊශ්‍රාලයේද කොවිඩ් – 19 තත්ත්වය සාර්ථකව පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇතිි බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය පාලනය කර ගැනීමට මෙරට බුද්ධි අංශවලින් අනුගමනය කරන ලද්දේ මෙරටටම ආවේනික වූ ක්‍රමවේදයක් බවත් පරාක්‍රම ද සිල්වා මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment