ඊයේ දිනයේත් PCR පරීක්ෂණ 1600 පනී

by admindasun
0 comment 29 views

කොවිඩ්- 19 රෝගීන් නිශ්චය කර ගැනීම සදහා සිදු කරන PCR පරීක්ෂණ ඉහළ දැමීමත් සමග ඊයේ දිනයේදීත් ශ්‍රී ලංකාවේ එම පරීක්ෂණ 1681ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

කෙ‌සේ වෙතත් මෙම පරීක්ෂණවලින් රෝගීන් හදුනා ගැනෙනනේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් බවත් ඔහු කියා සිටියේය.

උදාහරණයක් ලෙස ගතහොත් ඊයේ දින සිදු කරන ලද PCR පරීක්ෂණ 1681න් පරීක්ෂණ 698ක්ම සිදු කරනු ලැබුුුුුවේ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වන අතර ඉන් තහවුරු වූ රෝගීන් හමු වූයේ එක් අයෙකු පමණක් බවත්ය.

දිනකට සිදු කළ යුතු PCR පරීක්ෂණවල සාමාන්‍යය ලෙස පරීක්ෂණ 1500ක් වුවද එම ප්‍රමාණය ඉක්මවා පරීක්ෂණ සිදු කිරීමට මේ වන විට සෞඛ්‍ය අංශ සමත් වී ඇති බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව ඊයේ දිනයේදීීීීත් නාවික හමුදාවේ සාමාජිකයන්ගේ ලබාගත් සාම්පල 168ක පරීක්ෂණ වාර්තා ලැබුණු අතර තවත් සාම්පල 200ක් එකතු කර ගෙන ඇත.

එම සාම්පලවල පරීක්ෂණ වාර්තා අද දිනයේදී ලැබීමට නියමිත බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment