කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ (එංගලන්තයේ) සහ ඕස්ට්‍රේලියාවේ මේ වන විට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා මැයි මස 03 වනදා සිට 08 වනදා දක්වා ක්‍රියාත්මක වන බව එම ගුවන් සේවය නිවේදනය කළේය.
ඒ අනුව මහා බ්‍රිතාන්‍යයේ (එංගලන්තයේ) සිටින සිසුන් ගෙන්වා ගැනීමේ විශේෂ ගුවන් යානා මැයි මස 03, 04 සහ 05 දිනයන්හිදී ක්‍රියාත්මක වනු ඇත. එසේම ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් ගෙන්වා ගැනීමට විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක් මැයි 08 වනදා ක්‍රියාත්මක වන බවත් එම ගුවන් සේවය පවසයි.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා ඒ රටවල්වල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස එම සිසුන් විටින් විට ශ්‍රීී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.
මේ අනුව රජය විසින් පළමුව දකුණු ආසියානු රටවල්වල සිටි සිසුන් මෙරටට ගෙන්වා ගත් අතර මැයි 01 වනදා වන විට දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීම සම්පූර්ණ කළේය.
මේ සියලු දෙනා මෙරටට පැමිණීමෙන් අනතුරුව නිරෝධායනයට ලක් කිරීමට නියමිතය.
