කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 10 දෙනෙකු සුවය ලබා අද දින තම නිවෙස් බලා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව මේ වන විට සුව ලැබූවන්ගේ සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් ඇත.
එසේම මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 511ක් පමණ වන අතර මෙරට මේ වන තෙක් වාර්තා වී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 690කි. රෝගය නිසා 07 දෙනෙකු මිය ගොස් ඇත.
කෙසේ වෙතත් මේ වන විට කිසිදු රෝගියෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර නොලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.
අද දිනෙයේ මේ වන තෙක් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැත.
