සහනාධාර පොහොර වැඩි මිලට අලෙවි කරන බවට පැමිණිලි

by admindasun
0 comment 23 views

රජය විසින් පොහොර සහනාධාරය සටතේ ලබා දෙන රසායනික පොහොර වැඩි මිලට අලෙවිකරුවන් විසින් අලෙවි කරන බවට දිනපතා පැමිණිලි ලැබෙන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

ජාතික‌ෙ පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මම්පිල පැවසුවේ වී වගාව හැර වෙනත් වගාවන් සදහා නිකුත් කරන සහනාධාරය යටතේ පොහොර කිලෝ ග්‍රෑම් 50ක සෘජු පොහොර මිටියක මිල රුපියල් 1,000ක් වන අතර මිශ්‍ර පොහොර මිටියක මිල රුපියල් 1,150ක් වන බවයි.

මෙම මිල ගණන් අදාළ පෙහොර බෑගයේ මුද්‍රණය කර ඇති අතර පොහොර ආනයනික සමාගම්වල ප්‍රවාහන වියදම් සහ අලෙවි නියෝජිතයන්ගේ ලාභාංශ සලකා බලා මෙම මිල නියම කර ඇති අතර පොහොර සදහා වන සියලුම් වියදම රජය විසින් දරණ බවත් ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ගම්මම්පිල මහතාට අනුව සහනාධාර පොහොර යනු පොදු ජනතාවට අයත් දේපළකි. සහනාධාර පොහොර සම්බන්ධව සිදු කරනු ලබන සියලුම වැරදි සදහා පොදු දේපළ පනත යටතේ දඩුවම් කළ හැකිය. එනිසා එසේ සහනාධාර පොහොර වැඩි මිලට අලෙවි කරනු ලබන අයගේ අලෙවි නියෝජිතභාවය අහෝසි කිරීමට කටයතු කරන ලෙස පොහොර බෙදාහරින සමාගම්වලට මේ වන විටත් දැනුම් දී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ගොවි ජනතාව සදහා එළවළු, පළතුරු හා ක්ෂේත්‍ර භෝග සදහා නිකුත් කරන සහනාධාර රසායනික පොහොර කෘෂිකර්ම උපදේශකවරයාගේ නිර්දේශයට අනුව ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අලෙවි කිරීමට කටයුුුතු යොදා ඇති බව ඔහු පවසයි.

යම් අලෙවි නියෝජිතයෙකු වැඩි මිලට සහනාධාර පොහොර අලෙවි කරන්නේනම් 0113403931 හෝ 0113403794 දුරකථන අංකවලින් කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණිලි කරන ලෙසත් ගම්මම්පිල මහතා පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment