අද දින රෝගීන් 25ක් සමග මුළු ගණන 690ක්

by admindasun
0 comment 41 views

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වුණු කොවිඩ් – 19 රෝගීන් සංඛ්‍යාව අද දිනයේදී 690 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

ඒ අනුව අද දිනයේ මේ වන තෙක් නව රෝගීන් 25ක් වාර්තා වී ඇති බව ස‌ෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේය.

තවද අද දිනයේදීද සම්පූර්ණ සුවය ලබා පිටව ගිය රෝගීන්ද සමග මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබා පිටව ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් – 19 රෝගීන්ගේ සංඛ්‍යාව 521ක් පමණ වන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැඩිදුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment