දකුණු ආසියාවේ සිටි මෙරට සිසුන් ගෙන්වා ගැනීම අවසන්

by admindasun
0 comment 24 views

දකුණු ආසියානු රටවල අධ්‍යාපන කටයුතු සදහා ගොස් සිටියදී කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා සිරවී සිටි ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරටට ගෙන්වා ගැනීම අද දිනයේදී සම්පූර්ණ කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

ඒ අනුව එසේ සිරවී සිටි අවසන් ශිෂ්‍ය කණ්ඩායම ලෙස ශ්‍රී ලාංකීය සිසුන් 125ක් අද සවස ඉන්දියාවේ කල්කටා නුවර සිට ගෙන්වා ගත් බවද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

මෙසේ ගෙන්වා ගත් මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 1065ක් වන අතර පසුගිය දින 10 පුරා මෙම මෙහෙහුම ක්‍රියාත්මක වූ බවත් විදේශ කටයතු අමාත්‍යංශය නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව පසුගිය අප්‍රේල් 21 වන දින සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා 09ක් යොදා ගනිමින් ඉන්දියාවේ පන්ජිබ්, මුම්බායි, කොයිම්බර්ටූර්, බැංගලෝර්, නව දිල්ලි සහ කල්කටා යන නගර, පකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් යන නගර, නේපාලයේ කත්මන්ඩු නුවර සහ බංගලාදේශයේ ඩකා නුවර සිට මෙසේ මෙරටට ගෙන්වා ගන්නා ලදී්. මේ අතර විදේශ පුහුණු වැඩසටහන් සදහා සහභාගී වී සිටි රාජ්‍ය සහ ආරක්ෂක අංශවල නිළධාරීන්ද විය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment