මැයි 11 සිට රට වැඩ අරඹයි

by admindasun
0 comment 88 views

මේ වන විට නොකඩවා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය තිබියදීම ජන ජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි මස 11 වන දින සිට ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එසේම එම දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 21 තුළ මේ වන විට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය මැයි 04 සදුදා උදේ 05 ඉවත් කිරීමෙන් පසු බදාදා දක්වා සෑම දිනකම රාත්‍රි 08 සිට උදේ 05 දක්වා ක්‍රියාත්මක වේ.

තවද එම දිස්ත්‍රික්කවලද බදාදා රාත්‍රි 08ට යළිි පැනවෙන ඇදිරි නීතිය මැයි 11 සදුදා උදේ 05 දක්වා ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සදහන් වේ.

එම නිවේදනයට අනුව බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජන ජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන මැයි 11 සදුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සදහා අවශ්‍ය සැළසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්නට දැනුුුුම් දෙනු ඇත. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.

සේවයට පැමිණෙන අය ආයතන ප්‍රධානීන් විසින් තීරණය කෙරෙන අතර පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වන්නේ උදේ 10ට පමණ බවත් අදාළ නිවේදනයේ සදහන්වේ.

තවද රජයෙන් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපැදිය යුතු බවත් ජනතාවට අවධාරණය කර සිටින බව එම නිවේදනයේ සදහන් කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment