දිනකට PCR පරීක්ෂණ 3000 දක්වා ඉහළ දැමිය හැකියි

by admindasun
0 comment 35 views

මේ වන විට දිනකට සිදු කෙරෙන PCR පරීක්ෂණවල සාමාන්‍ය අගය 1,500ක් පමණ වන අතර අවශ්‍ය නම් එම ප්‍රමාණය 3,000 දක්වා ඉහළ දැමිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

ඒ සදහා අවශ්‍ය පහසුකම් මේ වන විට රජය සතු වන බවත් ඔහු කියා සිටියේය.

විශ්වවිද්‍යාල පද්ධතියද මෙම පරීක්ෂණ සිදු කිරීම නිසා දිනකට සිදු කෙරෙන පරීක්ෂන ප්‍රමාණය මෙසේ ඉහළ නැංවීමට හැකියාව ලැබී ඇති බවද වෛද්‍ය ජාසිංහ කියා සිටියේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ චීනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු කට්ටල මෙන්ම දැනට භාවිත කරන කුමන PCR පරීක්ෂණ කට්ටලයක් වුවද එහි නිරවධ්‍යතාව (Validate) නිරන්තරයෙන් පරීක්ෂා කරන බවයි. එබැවින් පරීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් තමා සෑහීමකට පත්වන බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

PCR පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය සහ රජයේ සම ාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සතුව ඇති PCR යන්ත්‍ර මේ වන විටත් රෝහල්වලට ලබා දී ඇති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment