බස්නාහිර පළාත යහපත් අතට

by admindasun
0 comment 85 views

කොවිඩ් – 19 වසංගතය පැතිරීම සම්බන්ධයෙන් අවදානම් කලාපයක් ලෙස නම් කර තිබූ බස්නාහිර පළාතේ තත්ත්වය මේ වන විට පාලනයට ලක් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

එහෙත් තත්ත්වය තවමත් 100%ක් පාලනය කොට ඇති බව මේ වන විට පැවසිය නොහැකි අතර වසංගතය පාලනය කිරීම ගිලිහී යාමකින් තොරව සෞඛ්‍ය අංශ අතට ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජාසිංහ පැවසුවේ මේ වන විට බස්නාහිර පළාතේ PCR පරීක්ෂණ පැවැත්වීම ඉහළ දමා ඇති අතර අවදානම් කණ්ඩායම් තෝරා ගෙන PCR පරීක්ෂණ සිදු කිරීම තව දුරටත් ක්‍රියාත්මක වන බවයි.

මේ අනුව ඊයේ දිනයේදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1397ක්වූූ අතර පරීක්ෂණවලට සාපේක්ෂව රෝග ආසාධිතයින් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජාසිංහට අනුව දෛනිකව සිදු කරන PCR පරීක්ෂණවල සාමාන්‍ය සංඛ්‍යාව 1500 මට්ටමේ දිගටම පවත්වාගෙන යනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment