පාර්ලිමේන්තුව නොකැදවන බවට ජනපතිගෙන් නිවේදනයක්

by admindasun
0 comment 42 views

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැදවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින ප්‍රකාශ කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව යළි කැදවන ලෙස ඉල්ලා පසුගියදා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලෙස අද දින ජනාධිපතිවරයා මේ බව ලිපියක් මගින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන්නේය.

එසේම මෙවැනි ඉල්ලීම් සිදු කිිිිිරීම මේ මොහොතේ කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ කාර්යභාරයේ යෙදී සිටින සියලු දෙනාට කරන අපහසයක් බවත් ඔහු පවසයි.

එම ලිපියේ සදහන් පරිදි විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැදවිය නොහැකි බවත් 2020 මාර්තු මස 02 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ විසුරුවා හැරීමේ නිවේදනය අනුව 2020 අප්‍රේල් මස 25 දින මැතිවරණය පැවැත්විය යුතු බවත් ඉන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 ජුනි මස 20 වන දින මැතිවරණය පැවැත්විය යුතු බවත් නිවේදනය කර ඇති බවද එම නිවේදනයෙන් ජනාධිපතිවරයා පවසා ඇත.

තවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් මතුවී නොමැති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු විපක්ෂනායකවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.

තව දුරටත් එම ලිපියේ සදහන් වූයේ හිටපු විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමා වෙත යොමු කළ ලිපියට අනුව නිරීක්ෂණය වන්නේ එම ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශ්වයන් මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, කොවිඩ් – 19 වෛරසය තුළජනතාවගේ සෞඛ්‍ය, සමාජ සුරක්ෂිතතාව හා සුභසාධනයට උපරිම ලෙස සමස්ථ රාජ්‍ය තන්ත්‍රයම යොමු වී ඇති මේ අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාවලියක නිරත වන බවත්, කොවිඩ් – 19 රෝග නිවාරණය හා අදාළ කටයුතුවල නිරත වන සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය සේවා, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා පෞද්ගලික අංශයේ දැඩි පරිත්‍යාගශීලී කාර්යභාරය අගය නොකිරීමක් බවයි.

එසේම පාර්ලිමේන්තුව විසිරවීම එහි වසර 05ක කාලය අවසන් වීම තුළ හෝ ජනාධිපතිවරයා විසින් විසුරුවන අවස්ථාවක සිදු වන බවත් ඒ අනුව 2020 මාර්තු 02 වන දි තමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා තව දුරටත් පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට අත්සන් කර ඇති සියලු පාර්ශ්වයන් පිළිගැනීමෙන් ද එම විසුරුවා හැරීමේ නිවේදනයේ වලංගුභාවය තහවුරු වන බවයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment