රට විරුවන් වෙනුවෙන් 1989 පැය 24 පුරා

by admindasun
0 comment 20 views

විදේශගතව සිටින ලක්ෂ 18ක්වූ ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට වෙසෙන ඥාතීන් වෙනුවෙන් ශ්‍රිි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි ඇමතුම් අංකය හදුන්වා දී ඇත.

රජය‌ේ සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ කොවිඩ් – 19 වසංගතය හමුවේ ඔවුන් පිළිබද අවශ්‍ය තොරතුරු දැන ගැනීමට මෙන්ම දැනුම් දීමට එම හදිසි ඇමතුම් අංකය ඇමතිය හැකි බවයි.

ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකය පුරා සිටින ශ්‍රී ලාංකියන්ගෙන් ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් ලැබෙන අතර ඔවුන්ව ගෙන්වා ගැනීමට ආණ්ඩුව පමණටත් වඩා කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

එහිදී ලෝකයේ විවිධ ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පළමුව කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණගාරයේදී සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තව දුරටත් කතා කළ අමාත්‍යවරයා කියා සිටියේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් වර්ෂයකට රුපියල් බිලියන 07ක් පමණ මෙරටට විදේශ විනිමය ලෙස ලැබෙන අතර මෙරට බැංකු සමග එකගතාවට පැමිණීමෙන් පසු මෙම සමය තුළ ඔවුන්ගේ ගිණුම්වලට අමතර මුදලක් ලබා දීමටද කටයුතු කරන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment