මගී ප්‍රවාහනයේදී සමාජ දුරස්ථභාවය නියමිත පරිදි පවත්වා ගැනීම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වැඩිපුර යෙදවීමට කටයුතු කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු කියා සිටියේ මේ වන විටත් ලංකා ගමනාගමන මණ්ඩලය අත්‍යවශ්‍ය සේවාවලට සහභාගී වන නිළධාරීන් ප්‍රවාහනය කිරීමෙහිලා කැපී පෙනෙන දායකත්වයක් සපයන බවයි.
කෙසේ වෙතත් රටේ පවතින ඇදිරි නීතිය තත්ත්වය හේතුවෙන් මගී ප්‍රවාහන සේවා අඩාල වී ඇති බැවින් ඩිපෝවලට තිබූ ආදායම මේ වන විට ඇණහිටී ඇති බැවින් සේවකයන්ගේ වැටුප් ගෙවීමට සහ අවශ්‍ය නඩත්තු කටයතු සදහා අවශ්‍ය මුදල් ලබාදීමටද කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
ඒ අනුව මැයි 04 වනදා ඇදිරි නීතිය රට පුරා ලිහිල් කළ විට අවශ්‍ය සමාජ දුරස්ථභාවය ඒ අයුරින් තබාගෙන මගී ප්‍රවාහන කටයුතු සිදු කිරීම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වැඩි වශයෙන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය පතිරණ මහතා පැවසුවේය.
