නව මහාමාර්ග කිලෝ මීටර් ලක්ෂයක්

by admindasun
0 comment 26 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම අතින් යහපත් තත්ත්වයක් පවතින බැවින් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා සැළසුම් කර ඇති මහා මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් මණ්ඩලය විසින් රුපියල් බිලියන 05ක මුදලක් අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍ය පතිරණ කියා සිටියේ කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ ප්‍රසම්පාදන කටයුතු අවසන් වූ සැනින් මහා මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් පමණ මෙම මුදලින් පිළිසකර කිරීම ආරම්භ කිරීමට නියමිත බවයි.

එසේම කුවේට් අරමුදල් යටතේ රට පුරා පාලම් 25ක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය යටතේ පාලම් 08ක් ඉදි කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වූ බව ඔහු කියා සිටියේය.

ඒ අනුව කුරුණෑගල හරහා කටුගස්තොට – පුත්තලම මාර්ගයේ පාලම් 02ක්ද, තෝප්පුව – මාදම්පේ මාර්ගයේ පාලමක්ද, නාවක්කුලි-කරතිවු- මන්නාරම මාර්ගයේ පාලමක්ද, කොළඹ – නුවර මාර්ගයේ පාලම් 02ක්ද, පරන්තන් – මුලතිව් මාර්ගයේ පාලමක්ද, බත්තුළු ඔය – උඩප්පුව මාර්ගයේ පාලමක්ද ලෙස පාලම් 08ක් ඉදිකිරීමට නියමිතය.

මෙම සංවර්ධන ව්‍යාපෘති මෙම වසරේ ආරම්භ කිරීමට නියමිත බවත් මහාමාර්ග හා වරාය සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබුණු කැබිනට් පත්‍රිකාවේ සදහන් විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment