මෙරට කොවිඩ් රෝගීන් 650 පනී

by admindasun
0 comment 23 views

ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු කොවිඩ් – 19 රෝගීන් සංඛ්‍යාව අද සවස වන විට 653ක් වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

ඒ අනුව අද දිනයේදී හමුූ නව රෝගීන් සංඛ්‍යාව 04ක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද දිනයේ සවස 04 වන විටත් කිසිදු රෝගියෙක් වාර්තා වී නොතිබුණි අතර සවස 06 පමණ වන විට නව ර‌ෝගීන් 04 දෙනෙක් වාර්තා වුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

කෙසේ වෙතත් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී ගිය රෝගීන් සංඛ්‍යාව 03ක් වූ අතර ඒ අනුව සුවය ලබා පිටව ගිය මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 139ක් බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment