පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ ජපන් යෙන්වවලට සහ ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම් ශ්‍රී ලංකා රුපියලට එරෙහිව ඉහළ යාමෙන් මෙරට වාහන මිලේද සැලකිය යුතු වර්ධයන් සිදුවන බව ශ්‍රීී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේය.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා පැවසුවේ මාර්තු 20 වන දින සිට ඇතිවූ රුපියල අවප්‍රමාණය වීමත් සමග 1000CCට වැඩි වාහනවලට සුඛෝපභෝගී බද්දක් එකතු වන බවයි.
ඒ අනුව පවතින මිලට වඩා 15%කින් පමණ වාහනයක මිල ඉහළ යන අතර එය මෙරට මධ්‍යම පාන්තික ජනතාවට දරා ගත නොහැකි බවත් ඔහු කියා සිටියේය.
සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තිකයන්ගේ වාහන සදහා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කර තිබුණද රුපියල අවප්‍රමාණය වීම නිසා එම බද්ද මෙම වාහනවලටද එකතු වන බවත් පීරිස් මහතා පැවසුවේය.
