කොවිඩ් – 19 අසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 03 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව යාමත් සමග මෙරට කොවිඩ් – 19 ආසාධනය වී සුවවූ සංඛ්‍යාව 139 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
ඊයේ දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිිංහ මහතා පැවසූ පරිදි මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වූ කිසිදු රෝගියෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර නොලබයි.
කෙසේ වෙතත් අද දිනයේ මේ වන තෙක් කිසිදු කොවිඩ් – 19 රෝගියෙක් වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේය.
