කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකය පුරා ගුවන් ගමන් නතර කර ඇති බැවින් එම කාලය තුළ ගුවන් යානා නවත්වා තැබීමේ පහසුකම් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙතින් ලබා දෙන බව පසුගියදා නිවේදනය කළේය.
ඒ අනුව ලොව පුරා ගුවන් යානා නවත්වා තැබීමේ පහසුකම් නොමැති රටවලට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ යොදා ගන්නා ලෙස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වූ රජයට පූර්ණ අනුබද්ධිත එම සමාගම පැවසුවේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ ගුවන් තොටුපළ පවත්වා ගැනීම සදහා අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙම පහසුකම ලෝකයේම ගුවන් සමාගම්වලට ලබාදෙන බවයි. එසේම එය මේ මොහොතේ ගෝලීය අවශ්‍යතාවක් බවත් සමාගම පැවසුවේය.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ මෙම සේවාව ලබා ගැනීමට ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය අවශ්‍ය නොවන බවයි.
